Pages

Sunday, November 6, 2011

ක්‍රීඩාව හමුදාකරණයට

              හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, පල්ලේකැලේ මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, සහ කොළඹ ‍ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයෙහි නඩත්තු කටයුතු ආරක්ෂක හමුදා යටතට පැවරුණා. ‍මම මේක දකින්නේ ක්‍රීඩාව හමුදාකරණයක් විදියට. කෙනෙක් තර්ක කරයි හමුදාව මෙම ක්‍රීඩාගංණවල නඩත්තු කටයුතු නිසියාකාරව කරනවනම් ඒකේ වැරදක් නැහැ කියලා. ඇත්ත. අතීතයේ සිටම හමුදාව ක්‍රීඩාවක් එක්ක බද්ධ වෙලා හිටියේ. අපේ රටේ ක්‍රීඩා සංගම් 52 ගත්තොත් ඒ හැම එකකම වගේ හමුදාවේ අය ඉන්නවා. හමුදාවට ක්‍රීඩාව කරන්න තහනමක් නැහැ. නමුත් ප්‍ර‍ශ්නේ තියෙන්නේ දැන් දැන් හමුදා මැදිහත් වීම් අනවශ්‍ය ලෙස සිදු වීම. මතකද මහනුවර රග්බි ගැටුම. මේ ගැටුමට ඍජුලෙසම ආරක්ෂක අංශ මැදිහත් වෙලා තියෙනවා. යෝෂිත ක්‍රීඩා කරන නාවික හමුදා රග්බි කණ්ඩා‍යමට ජය ඝෝෂා පවත්වන්න නාවික හමුදාවේ අය යොදාගන්නවා කියලත් කථාවක් තියෙනවා. චියර්ස් එක මදි නිසා එක් අවස්ථාවක චියර්ස් කරන්න දාපු අයට දඬුවම් පවා දුන්නලු. මේවා තමා ක්‍රීඩාව හමුදාකරණය විමේ නරක. 

                   අනෙක් පැත්තෙන් හමුදාව කම්කරුවන්ගේ ගානට දාන එකත් වැරදියි. දැන් කොළඹ රග්බි පිටිය හදන්නෙත් හමුදාව. ‍පසුගිය දකුණු ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙලේ ඉඳිකිරීම් කළෙත් හමුදාව. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය හැදුවෙත් හමුදාව. හමුදාව හැම එකකටම හමුදාව. 

                   යුද්ධය ඉවර වුණාම අපේ රටේ දීර්ඝ කාලීන යහපැවැත්මක් වීමටනම් මිලටිහරණය හෙවත් හමුදාහරණය කළ යුතුයි. නමුත් දැන් සිදු වන්නේ අනිත් පැත්ත. දැන් දැන් මුළු රටම හමුදාකරණය හෙවත් මිලටීකරණයට ගොදුරු වෙනවා. මමනම් දකින්නේ මේක රාජපක්ෂ පවුලේ ස්ථාවරත්වය සඳහා ගන්නා පියවරක්. තම පැවැත්ම වෙනුවෙන් රට ශීඝ්‍රයෙන් හමුදාකරණයකට ගෙනයනවා. මේක නතර කළේ නැති වුණොත් අපේ ජීවිත කාලයටම රාජපක්ෂලා හැරෙන්න වෙන වර්ගයක ජනාධිපති කෙනෙක් දකින්න නො‍ලැ‍බේවි. රටක් ගොඩ නැගෙන්නේ විවිධත්වය මත. අපේ ජීවිත කාලයේදීම රාජපක්ෂලා රට කළොත් කෝ විවිධත්වය.

Tuesday, July 19, 2011

සුනඛාවලෝකනය - දැන් පෙන්නනවා...........


           බොරුකාර‍යෝ              
වස් දෙකක් නොකා නොබී අමාරුවෙන් ඉතිරි කරගත් සල්ලි ටික පසුම්බියේ දමාගත් මම නුගේගොඩ මෙට්රෝ ශාලාවට ගියේ සිංහාවලෝකනය චිත්‍රපටය බලන්න. මේ චිත්‍රපටය ගැන ‍මගේ හිතේ තිබුණේ අපැහැදිලි සටහනක්. රාවය පත්තරේ විදූ චිත්‍රපටය ගැන පිටු ගණන් ලියන ‍කොට සිංහාවලෝකනය ගැන වචනයක්වත් ලිය වුණේ නැහැ. සිංහාව‍ලෝකනයේ අධ්‍යක්ෂවරයා අශෝක   ගම වගේ  කොන්ත්‍රාත්තුවක් රාවයට දීලා නැතිව ඇති මම හිතුවා. මගේ සිතුවිල්ලට සාධාරණයක් වුණේ බුද්ධදාස ගලප්පත්තිත් චිත්‍රපටය බලන්න බැල්ලකනියේ ඉස්සර ඉන්නව දැක්කම. ඒ වගේ සාහිත්‍යධරයෙක් මේ ‍වගේ චිත්‍රපටයක් බලනවා කියන්නේ අනිවාර්යෙන්ම චිත්‍රපටය හොද ඇති. ඒක නිසා වියදම් කළ රුපියල් දෙසීයට ගැන කණගාටුව අත් හැරි මම චිත්‍රපටය බලන්න හිත එකලස් කරගෙන හරි බරි ගැහිලා වාඩි වුණා.

               චිත්‍රපටයට පාදක වුණේ 1940 ගණන්වල ගමක්. ඒ ගමේ කොල්ලෝ කට්ටියක් ක්‍රිකට් ගහනවා. ඕක දකින සුද්දෝ කට්ටියක් ඒ කොල්ලොත් එක්ක සෙල්ලම් කරලා දිනනවා. ඔය වෙලාවේ ජාතිකාභිමානය මතක් වුණු ජංගු කියන කොල්ලා මාස හතරකට පස්සේ ක්‍රිකට් ගහන්න එන්න කියලා සුදු නඩේට අභියෝග කරනවා. එත් නහර උලුප්පගෙන අභියෝග කළාට දැන් වැලේ වැල් නෑ. කරගත්ත මෝඩ කම කියලා කොල්ලෝ ටික පන්සලේ හාමුදුරුවෝ හමුවෙලා උපදෙස් ඉල්ලනවා. උන්වහන්සේ හිටු කියලා කොල්ලෝටික  ඍෂිව‍රයෙක් ළගට යවනවා. පස්සේ කොල්ලෝටි ඍෂිවරයාගේ කාලයන්ත්‍රයක් හරහා වර්තමානයට එනවා. අම්මට උඩු.

             ධනුක කියන ක්‍රිකටර් කෙනක්ගේ ගෙදරට තමයි මේ අය පාදුර්භූත‍ වෙන්නේ. එයා මේපාර ලෝක කුසලානයටත් තේරිලාලු. ඉතිං  ටී. එම් ඩිල්ෂානුයි අපේ ධනුක කොල්ලයි දැන් අර ජංගු කොල්ලන්ට කිරිකට් උගන්නනවා. පස්සේ කොල්ලෝ ටික ඩිල්ෂාන් තියලා ධනුක එක්ක ආපහු අතීතයට ගිහිල්ලා (ඒ කියන්නේ එ‍් ගොල්ලන්ගේ වර්තමානයට ) මැච් එක දිනනවා. ඔය අතරේ ප්‍රේම ආරවුල්, පාවා දීම් එහෙමත් තියෙනවා. ඒවා කියන්නේ ගියේ නැත්තේ කියලා වැඩක් නැති නිසා. ඇරැත් චිත්‍රපටය ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. 
              සිංහාවලෝක‍නයේ වස්තු විෂය ලගාන් හින්දි චිත්‍රපටයට ගොඩාක් සමානයි. ලගාන් චිත්‍රපටය වගේ මෝඩ කොලුවෙකුත් අවසාන  මොහොතේ ක්‍රිකට් කණ්ඩායමට එක් වෙනවා. වෙනසකට තියෙන්නේ කාලයන්ත්‍රය හරහා වර්තමානයට එන යන එක. ප්‍රේම හිලව්වත් ලගාන් එකේ නැති ඒවා. නයා ගැසීම්, ඍෂිවරයාගේ බලයෙන් වස බිව් අය මරණයෙන් ගැලවිම් වැනි අද්භූත ගනයේ සිදුවීම් ටිකකුත් තියෙනවා. මේකේ ගමක් කිව්වට ගමකුත් නැහැ. ගමටම ඉන්නේ මිනිස්සු විස්සක් විතර. කථාවේ තියෙන එකම නිර්මාණාත්මක දෙය කාලයන්ත්‍රය විතරයි. එකත් වස්තු විෂයට සම්බන්ධයක් නැහැ. විශ්වාසනීයත්වයක් නැහැ. »»»